කෑමට පෙර-01



මම කියන් නෑ කාටවත් මස් කන්න එපා කියල.මොකද ඒකට ලොකු හේතුවක් තියෙනවා.දැන් හිතන්න එපා මම මස් කන්න කියනවා කියලා.මස් කන්න එපා.ඒකටත් ලොකු හෙතුවක් තියෙනව.එනම් මගේ හතරබීරි කථාව කියවලම තෙරුම් ගන්න.මෙන්න කතාව..


මිනිස්සු ගොඩක් අය මස් කන්න එපා කියල කෑ ගහනව මම දැකල තියෙනව.ඒ වැඩෙ හොදයි.එත් එක දිගටම මස් මාලු කන්න පුරුදු වුන අයට ඒ දෙ කරන්න පුලුවන්ද?බෑ කියල මම දන්නව.ඒම කරන අය ඉන්නව ඒත් ඒ ගොඩක් අඩු පිරිසක්..



ඔයාලා හිතන්නකෝ ඔයලා මස් කන්නේ ඇයි කියලා,මම කියන්නම්කෝ ඇයි කියලා



1. යම් කිසි රෝගී තත්වයක් හේතුවෙන් මස් කෑම නිර්දේශ කරලා තියෙන නිසා

2. අඩු පොෂණ මට්ටමක සිටීනම් ඉන් මිදීම සදහා

3. තමන්ට අවශ්‍ය පොෂණය ලබා ගැනිමට

4. තමන්ගේ සමජ,පවුල් පසුබිම තුල අතීතයේ සිට පැවත එන්න වු දෙයක් නිසා

5. මස් වලින් ආහාරයට අමුතු රසයක්,ආශ්වාදයක් ලැබෙන නිසා

6. මස් කැමට අති අදික කැමැත්ත,ගිජු කම

7. අනුන්ගේ බලපෑම මත


ඔයාලටත් ඒ හේතු වලින් 1ක් හරි ඇති කියල මම හිතනවා.හ්ම්.. මම හිතන විදියට 1,2 හේතු තියෙන අය මස් ආහාරයට ගනු ලබන්නේ සාධාරණ හේතුවක් මත.මොකද ඒම කලේ නැත්නම් එයාලගේ රෝගී තත්වයන් වැඩි වෙන්න පුලුවන්..



3,4,5,6 යන අයටනම් ඉතින් කියන්න දෙයක් තියෙනව කපුටට.ඒ හෙතු අසාදාරනයි කියන් නෑ මම .මම මේ කියන දේ ගැනත් ටිකක් හිතල බලන්නකො.. මස් අපිට නිකන් ලැබෙන් නෑ නෙද?ඒකට ඉතින් කිසි වරදක් නොකරන සතෙක්ව මරන්න වෙනවා.මේක බලන අයගෙන් ලගදි බූට් ඒකක් වැදුන එකෙක් ඔන්න කලාතුරකින් මැරෙන්න කැමති වෙවි.අපි කවුරුත් මැරෙන්න කැමති නෑ.කවුද කැමති බෙල්ලට කඩුවකින් ගහලවත්,ඔලුවට කුළුමිටියකින් ගහල හරි,බෙල්ල මිරිකලා හරි,කෑම කන වෙලවක ඉබේටම බෙල්ල කැපිල හරි මැරෙන්න?හිතාගන්න පුලුවනිද ඒ වෙදනව?බෑ නෙද?පුලුවන් එකම දේ ඒ මරලා ගේන මස් ටික හොදට උයල දුන්නම බඩ පැලෙන්න කන්නනේ.ඒක තමයි ඇත්ත.මම 3,4,5,6 හේතුමත මස් කන අයටයි මේ දේ කියන්නේ.සතෙක් මරන්නේ ඌට ලොකු වේදනවකට ලක්කරලයි.මස් කන්න.ඒත් ඒ වෙදනව ගැනට් ටිකක් හිතන්න


ඔය වෙනදට මස් කෑලී 2ක් කෑවා නම් අද ඒක 1 මස් කෑල්ලකට සීමා කරන්න.ඔබ ඒ කරන දේයින් 1 සතෙකුගේ ජීවිතයක බෙරෙන්න හරි 1 සතෙකුගේ ජිවිත කාලය දිනකින් හරි වැඩි වෙන්න උනත් පුලුවන්.. ඒම ඒම ටික ටික මස් කන 1 උපරීමේටම අඩු කරන්න උත්සහ ගන්න.එතකොට මස් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා.ඒ කියන්නේ ලාබ අඩු උනාම මස් කඩ කරන අය ලාබ වැඩියෙන් ලැබෙන වෙන මොනහරි කරන්න පටන් ගන්නවා.ඒ තුලින් මැරෙන්න ඉන්න සතෙකුගේ ජීවීතයක් බේරගන්න ඔබ දයක වෙනව.ජිවිත කලේම මස් කාල නිකරුනේ ජාරා ලෙඩක් හදගෙන මැරිලා යනවට වඩා මස් කෑම අඩු කරල හරි නවත්තල හරි මැරෙන කෙනා මැරුනේ 1 ජිවිතයක් හරි බේරල කියලා හිත හදගන්න පුලුවන් වෙවි ඒ කෙනාටම.



ඒ නිසා මස් කන්න කලින් ටිකක් හිතන්න 1 සතෙක්ගේ හරි ජිවිතය බෙරනවා. ඒ නිසා වෙනද කන ප්‍රමාණයට වඩා අඩුවෙන් අදද,හෙට ඊටත් අඩුවෙන්ද,අනිද්දට ඊටත් අඩුවෙන්ද කන්න.ඔයලටම ඉබේටම මස් කන ආසාව අඩුවෙලා යාවී.ඒනිසා කෑමට පෙර ටිකක් සිතා බලන්න වෙන කෙනෙකුගේ ජීවිතයෙන් තමන්ගේ අහාරය රසවත් කරගැනීම මනුස්සයන් වසයෙන් කලයුත්තක්ද කියලා.මම මේ දේ කියන්නේ කිසියම් රටකටවත්, කිසියම් ජාතියකටවත්, කිසියම් පුද්ගලයෙකුටවත්, නෙමෙයි.මේ දේ කියන්නේ මුලුමහත් ලොකයටම බව සම්පුර්ණයෙන් තේරුම් ගන්න.ජාතියක් කියලා නෑ මනුස්සයො ගත්තම සේරම 1යි.ඒ නිසා මේ වගේ දේවල් වලදි ඔක්කොම සහයෝගයෙන් මේ ගැන සමජය දැනුවත් කරන්න අපි සමග ඒකතු වෙන්න.සමාජයට මේ පණිවිඩය ලබදෙන්න. ඔබ මෙම පණිවිඩය තව කෙනෙකුට ලබ දීම තුලින් තව ජිවිතයක් ඔබට බේරා ගෑනීමට නියතයෙන්ම හැකිවනු ඇත..


ඔන්න 7 වෙනි හේතුව, ඒ කියන්නේ අනුන්ගේ බලපෑමෙන් මස් කන්න වෙන්නෙනම් 18- ඉන්න අයට තමයි.සමහර වෙලාවට ඊට වඩ වයසින් වැඩි අයටත් ඒම වෙනවා.අම්මේ තත්තේ මම දන්නව ඔයාල ඔයාලගෙ ලමයින්ට පනටත් වඩා අදරෙයි කියලා.ඔයාලා,මගේ අම්ම තාත්තා වගේම ඒ මැරෙන්න ඉන්න සතාගේ අම්ම තාත්තත් තමන්ගේ දරුවන්ට පන වගේ අදරේයි.තමන්ගේ දරුව ඒමත් නැතිනම් අම්මා තාත්තාව පනපිටින් මරලා හරියට පන යන්නත් කලින් මස් කරල කඩේ විකුනන්න තියෙන මස් ටිකක් තමන්ගේ ලමයගේ බඩ පුරවන්න කියල සල්ලී දීලා අරගෙන ගිහින් උයල ලමයින්ට කන්න දෙන්න,ඒකට කමක් නෑ කියමුකෝ.ඒත් තමන්ගේ දරුව කියුවොත් අනේ මට මස් කන්න බෑ මට අප්පිරියයි කියලා කවදාවත් ඒ දරුවට බනිනවත් බලෙන් කවන්නවත් උත්සහ කරන්න ඒපා.මොකද ඔබේ දරුවට පොෂණය ලැබෙන්නේ මස් වලින් පමනක් නොව, හැම කෙනටම ඔන පොෂණය ලබගන්න ඔන තරම් කෑම ජාති,එළවළු ජාති තියෙනවා.ඒ සමහර ඒවා මස් වලටත් වඩා පොෂණයෙනුත් රසෙනුත් බොහෝ ඉහලයි.ඔබේ දරුවාට මස් වලට වඩා ඒ දේවල් තුලින් වඩා වැඩී පොෂණයක් ලබගන්න පුලුවන් වේවි කියල කපුටා හිතනවා.ඔබේ දරුවා වෙනුවෙන් ඇති ආදරයම සතෙකු උනත් ඔවුන්ගේ දරුවන්ට ඇතිබව තෙරුම් ගන්න.ඒයින් ඕබේ සිතට මෙන්ම ඔබේ දරුවන්ද ලෙඩ රෝගවලින් තොරව සුන්දර ජීවීතයක් ලැබෙනු ඈත..


ජිවීතයක වටිනාකම දන්න ජීවිතයක් බේරගන්න ඇත්තටම ඔන කියලා හිතෙන අය මේ පණිවිඩය Share කරලා ජීවිතයක් බේරා ගැනිමට දායක වෙමු..

No comments:

Post a Comment