දුප්පත් ආදරය-01


ගොඩාක් දුප්පත් වයසක පුද්ගලගෙක් ඔහුගේ බිරිද සමග ගොඩක් අගහිගකම් මැද ජිවත් වුනා.ඔහුගේ බිරිදට ගොඩාක් දික් වු කෙස් කළභක් තිබුනා.එකදවසක් ඇය ඔහුගෙන් පනාවක් ගෙනත් දෙන්න කියල ඉල්ලුවා කොන්ඩේ පිරලා ලස්සනට තියගන්න.ඒත් එ දුප්පත් මනුස්සයා එදාවේල හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.එයා ගොඩක් දුකෙන් තමන්ගෙ බිරිදට කියුවා පනාවක් ගන්නතරම් සල්ලියක් එයා ලග නෑ එයාගේ තිබුන එකම ඔරලොසුවේ පටිය කැඩිලා ඒක හදගන්නවත් එයට සල්ලි නෑ කියලා.
ඉතින් ඇය ඔහුට කිසි බල කිරිමක් කලෙ නැ.ඇය දන්නව ඔවුන්ට තියෙන අගහිගකම්.
ඊලග දවසේ ඔහු වැඩට ගිහින් ඉවරවෙලා ඔරලෝසු කඩේකට ගියා.ඔහු තමන්ට තිබුන එකම වටිනා දේ වුන පරණ ඔරලෝසුව අඩු මුදලට විකුනලා තම බිරිදගේ ආසව ඉ‍ටු කරන්න පනාවක් ගත්තා
ඉතින් ඔහු පනාවත් අතින් අරගෙන ගෙදර ආවා තමන්ගේ ආදරණීය බිරිදගේ ආසාව ඉස්ඨ කරන්න හිතාගෙන.ගෙදර ආපු ඔහු තමන්ගෙ බිරිදව දැකලා එකපාරටම පුදුම වුනා.ඔහුගේ බිරිද ඇයට තිබුනු දිග කොන්ඩය කොටටම කපලා.ඇය ඒ දිග කොන්ඩය විකුනලා තමන්ගේ ආදරණීය ස්වාමියාට අලුත් ඔරලෝසු පටියක් අරගෙන.දෙන්නාගෙම ඇස්වලින් එකවිටම කදුලු එන්න පටන්ගත්තා.ඒ එයාල කරපු දේවල් නිශ්පල එමත් නැතිනම් ප්ර.යොජනයක් නැති වුන නිසා නෙමෙයි.ඒ කදුලු ආවේ එයාලගේ ආදරේ කොච්චරනම් අන්නොන්යි වශයෙන් බැදිලා තිබුනද කියලා එයාලගෙ හදවත් වලටම දැනුනු නිසයි..
ඔයාලා මේ කතාව මීට කලින් අහලත් ඇති.බලන්න ඇත්තටම අදකාලේ මේ වගේ ආදරයක් දකින්න කොච්චර අමාරුද කියලා.සමහරුන්ට දෙයක් ඔනී කියුවොත් ඔනීම තමයි.සමහරු ගොඩක් ආර්ත්මාර්ත කාමියි.තමන්ගෙ බිරිදට සැමියට වුනත් දෙයක් ඔනි කියල දුන්නෙ නැතිනම් අසීමිත ලෙස රන්ඩු වෙන වගෙම සමහර වෙලාවට දික්කස්ස්ද වෙන,අනියම් ඇසුර හොයාගෙන යන අවශ්තා කොච්චරනම් අහන්න ලැබෙනවද?ඇත්තටම ඒ වගෙ දෙවල් අතර දුප්පත් උනත් මේ ආදර කතාව කොතරම් අපේ සිත් වලට දැනෙනවද කියලා ඔයාලටම තේරෙණවා ඇති.ආදරය කියන්නේ බලෙන් ලබාගන්න ඔනි දෙයක් නෙමෙයි ආදරය කියන්නේ කැපකිරීමක්.ඒක තෙරුම් නොගෙන ආදරේ කියන්නේ තමන්ට ඔනී දෙවල් අරන්දෙන එක එක කියලා හිතලා ආදරේ කරන්න ගියොත්නම් ඉතින් ජීවිතෙම විනාශ වෙන එක විතරයි වෙන්නෙ.ඉතින් මේ චූටී දුප්පත් ආදර කතාවෙන් ඔයාලගේ ජිවිත වලටත් පොඩි හරි දෙයක් එකතු කරගන්න පුලුවන්නම් එකතු කරගෙන තමන්ගේ ආදරේ සතුටින් විදින්න කියලා මේක කියවන කාගෙනුත් ඉල්ලනවා.

No comments:

Post a Comment