නාන්දම්මයි ලේලියි-01


දිනක් සවස වැඩට ගොස් පැමිනි සැමියා සහ බිරිද අතර ඇති වු දෙබසකි..

සැමියා - නදී හෙට උදේ 4ට එන කොච්චියෙන් අම්මා මෙහෙ එනවා කියලා මට Office එකෙදී අම්මා CALL කරලා කියුවනේ..

බිරිද - මොකක්? එයා මාස 4කට කලිනුත් ආවා නේද? ඇයි දැන් ආයෙමත් එන්නේ. අනික හෙට ඉරිදනේ. මම හිතුවා හෙටවත් නිදහසේ ටිකක් එලිවෙනකන් නිදා ගන්න පුලුවන් වෙයි කියලා. කොහෙද ඉතින් ඔයාගේ අම්මටත් එලිවෙන්නත් කලින්ම එන්න ඔනිනේ.මම එපයි උදෙන්ම නැගිටින්නත් ඔනී.අනේ මටනම් බැ විශේෂ දේවල් හදන්න.අනික මම හෙට උදේට උයන්න නෙමේයි හිතන් ඉන්නෙත්.එයා එනවනම් ඉතින් අද ‍රැට උයපු එවා ටිකම තමයි රත්කරලා දෙන්නේ. මටනම් මුකුත් හදන්න කියන්න එපා. අනික ඒ වෙලාවට එයාට මෙහාට එන්න Three Wheel 1ක් හොයාගන්නේ කොහොමද? ඒ වෙලාවට Three Wheel නැහැනේ. ලමයින්ව යවන්නත් තහනම් සෙල්ලමට එයා එක්ක.හැමදාම අම්මා තමයි ලමයින්ව නරක් කරන්නෙ. ටො‍ෆි චොකලට් පෙස්ටී ගෙනල්ල ලමයින්ට දීලා අන්තිමේ එයාලත් එවට පුරුදු වෙනවා. දැන් එයා මෙහෙ දවස් කියක් ඉන්නද එන්නේ. අයියෝ මගේ කරුමේ තමයි..
සැමියා - මගේ අම්මා නෙමෙයි එනවා කියුවේ, ඔයාගේ අම්මයි එන්නේ. මට කෑගහලා වැඩක් තියෙද ඉතින් ඔයාම ඔයාගේ අම්මට කියාගන්න

බිරිද - ඇත්තටමද ? අනේ කොච්චර දෙයක්ද අපෙ අම්මා එනවනම්! නියමයිනේ. අම්මා අවේත් මාස 2කට කලින්නේ.කොච්චර කාලෙකින්ද එන්නෙ.මේ අහන්නකෝ.. මම දවසක් Three Wheel මල්ලි කෙනෙක් ගෙන් Number 1 ඉල්ල ගත්තා හදිසියකදි කියන්න කියලා. අනේ ඔයා CALL කරල කියන්නකො හෙට උදේ එයාට ගිහින් අම්මව එක්කන් එන්න කියලා. හෙට ඉරිදා උන එක හොදයි අනේ. මට පුලුවනි උදෙන්ම නැගිටලා අම්මා කන්න ආස දෙයක් හදලා තියන්න.හෙටනම් විශේෂ මොනා හරි හදන්නම ඔනි.අම්මා ඉතින් කේකුයි බිස්ක‍ටුයි අරන් එවිනේ.අම්මා දන්නවා ලමයි ආස දේවල්. ලමයින්ටත් හොදට සෙල්ලම් කරන්න පුලුවන් එයාලගේ ආච්චිත් එක්ක.. අම්මට මේ පාරනම් යන්න දෙන් නෑ මම, දවස් 2ක 3ක් තියාගන්නවමයි.

මේ දෙබස කියවද්දි ඔයාලට හිනා යන්නත් ඇතී.ඒත් මේවගේ දේවල් ගොඩක්ම වෙලාවට වෙනවා නේද?ඇත්තටම නැන්දම්මගෙයි ලේලිගෙයි අඩදබරනම් අද ඊයේ පටන් ගනිපු දෙයක් නෙමෙයි.ඒ කාලෙ ඉදන්ම එන දෙයක් තමයි. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ ඒදෙගොල්ලන්ගෙම වැරදි නිසාම තමයි.නැන්දම්මා තම්න්ගේ නිවසට එන ලේලිව දුවක් ලෙස නොදැකීමත් ලේලිය නැන්දම්මව මවක් ලෙස නොදැකීමත් තමයි මේකට ප්ර්ධානම හේතුව ලෙස දකින්නේ. ඇත්තටම නැන්දම්මව මවක් ලෙසත් ලේලිය දුවක ලෙසත් සිතීමට පුලුවන් නම් හා ඒ ආදරය සෙනෙහස දෙන්න පුලුවන්නම් ඇත්තටම යහපත් ලෙස කිසිම පස්නයක් නැතිව එකට ජීවත් වීමට පුලුවන්කම ලැබේනු ඇත.නැතිනම් ඉතින් සැමදාම රන්ඩු වෙවී තමයි ජීවත් වෙන්න ඔන. මෙක ඉතින් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. මෙක නැන්දම්මයි ලේලිලයි දෙගොල්ලොම තෙරුම් ගන්න ඔනි දෙයක්. ඇත්තටම පුතාලා මෙවට මැදිහත් වෙලා දෙගොල්ලොන්ටම තේරුම් කරලා දෙන්න ඔනි. ඒත් අද ගොඩක් පුතාලා මේ පස්න විසදන්න නෙමෙයි ඔනි දෙයක් උනාවෙ කියලා මාරු වෙලා යනවා. ඇත්තටම ඒ රන්ඩු වෙන්නේ ඔයාට ආදරය කරන දෙන්නෙක් නේද.

එයාලට තෙරුම කරලා දිලා පස්න අඩු කරන්න බලන්න.අනික කවදාවත් තමන්ගේ බිරිද හා අම්මා අතර රන්ඩුවක් යනවනම් එක පාර්ශවයක්ගේ පැත්ත ගන්න එපා.දෙන්නටම තෙරුම් කරන්න.මොකද ඔයා පොඩි කාලේ ඉදල ආදරෙන් ‍රැක බලා ගත් අම්මා වගේම ඔයාට අඩු පාඩුවක් නොකර ආදරෙන් ඔයා ලග ඉන්න බිරිදත් නිකරුනේ වැඩකට නැති පස්න දාගෙන රන්ඩු වෙන්න ගත්තම හැමකෙනාගෙම මනසට දුකක් විතරයි ලැබෙන්නේ.ඒ දේ තේරුම් ගන්න.

නැන්දම්මලාට, නැන්දම්මලා වෙන්න ඉන්න අයටත්, ලේලිලාටයි, ලේලිලා වෙන්න ඉන්න අයට වගේම මේ පස්න වලට මැදි වෙන පුතාලටත් මේ දේ කියලා අද නැන්දම්මලා ලේලිලා අතර වෙන රන්ඩුව ටිකක් හරි අඩු කරන්න පොඩි උත්සහයක් දෙන්නත් එක්කම මේ දේ මෙක කියවන කවුරුත් Share කරමු..

No comments:

Post a Comment