හෙට දින Facebook තහනම් කරයිද?




අද වන විට ලෝකය පුරා පැතිරව ඇති Facebook අප රටේද බොහෝ පිරිසක් අතර ප්‍රතලිතව පවතිනවා.ඒත් වර්ථමානයේ සිදු වු සිදුවීම් තුලින් Facebook තුලින් අපිට හානියක් වනවාය කියා මතයක් ගොඩ නැගෙමින් පවතිනවා.ඇත්තම කියුවොත් එම සිදු වීම් වලට Facebook යම් දුරකට බල පෑ බව කිවීමට හැකියාව තිබෙනවා.මෙහිදී Facebook ලංකාවට අනවෂ්ය දෙයක් කියල ම‍තෞඅක්ද මෙම දිනවල පැතිරමින් යනවා.ඇත්තටම F ලංකාවට තහනම් කලොත් මෙවනි සිදුවීම් නවතීවිද? නැත.. මෙවනි සිදුවීම් සිදුවීමට මූලික වන්නා වූ විවිද කරුනු තියෙනවා. Facebook කියන්නේ අද පවතින්න වූ ජනප්‍රියම සමාජ ජාලයයි.ඒත් අපට Facebook හැරුනම තවත් සමාජ ජාලා ඕන තරම් තියෙනවා.මෙතන පශ්නය තියෙන්නේ ප්‍රධාන වසයෙන්ම මිනිස් සිතුවිලි තුලයි යන්න මගේ මතයයි

ඇත්තම කියුවොතින් ලගදී සිදු වූ බොහොමයක් සිදු වීම් සිදු වුනේ ඒ ඒ පුද්ගලයන් සිතා මතා වැඩ නොකිරීම නිසා කියා මා හට පෙනී ගිය කරුනක් වුනා.තවත් සමහර සිද්දීන් සිදු වුනෙ නොදැනුවත් කම නිසයි.ඇත්තම කියුවොත් ලංකාවේ Facebook භාවිතා කරන බහුතරයක් පිරිස Facebook එකෙ Privacy setting කියන්නෙ මොනාද කියලවත් දන් නෑ. තවත් සමහරු Fake Account එකක් අදුන ගන්න දන්නෙවත් නෑ.මෙවා නිසා තමයි ගොඩක් වෙලාවට පශ්න එන්නේ.ලගදි සිදු වු ජීවිත හානි දෙකක් ගැන සලකා බැලුවහොත් ඉන් එකක් Facebook එකෙ පල වු පින්තුරයක් නිසා විදුහල්ප්‍රති ගේ බැනුම් නිසා සිත් තැවුලින් හා අනෙක Facebook එකෙහි තමන්ගේ නොවන Photo 1ක් දමා එමගින් ඇති වු ප්‍රෙමයක් අවසානයේ එම පින්තුරය තමාගේ නොවන බව තරුණයා දැන ගැනීමෙ ලැජ්ජාවට සිදු වු සියදිවි හානිකර ගැනීම්ය

අපි මේ ගැන ටිකක් කතා කරමු.. ජිවිතයක වටිනාකම මෙවනි සමාජ ජාලා වල සිටින අය දන් නෑ කියන දේ නම් හොදටම පැහැදිලි වන කරුනක්.තවත් දෙයක් නම් Facebook තුල සැබෑ ලෝකය තුල සිදු කරනා වැරදි වලට වඩා වැරදි සිදුවන බවත් අපට පෙනි යනවා,සමාජ ජාලා තුල වංචාකාරයින් වැඩ්යි.මොකද සමහරු ඉන්නවා තමන්ගෙ නියම Account 1ට අමතරව තව Fake account 4-5ක්ම භාවිතා කරන අය.තමන්ගේ නියම Account එකෙන් සමාජයට හොද මුහුන පෙන්නාගෙන සිටිනා අතර තමන්ගේ සිතේ තිබෙනා නරක සියල්ල ඉ‍ටු කර ගැනීමට ඔවුන් අනෙක් Account යොද ගන්නවා.සමහරු පිරිමි උනත් පෙනී සිටින්නේ කාන්තාවන් ලෙස.මොවුන් නිතරම වගේ උත්සහ කරන්නෙ තමා සමලිංගිකයයි පවසා අනෙක් කාන්තාවන්ගෙන් විවිද වින්දන Facebook එක හරහා ලබාගැනීමටය.එහෙත් 99%ක් සිදු වන්නේ ඔහු එම වින්දනය ලබාගන්නේ ඔහු මෙන්ම Fake  1ක් හැදු වෙනත් පිරිමියෙක් සමගය.මේවාට මුල Facebook නොවේ.මෙවාට මුල සමාජයේ පිරිහීම වේ.මෙම පිරිහෙන සමාජය සමාජ ජාලා යොදාගෙන ඔවුන්ගේ අදහස් ආසවන් ඉ‍ටු කර ගැනීමට උත්සහ ගනී.එවනි දේ වලට මෙ පිලිබදව දැනුමක් නොමැති බොහෝ දෙනා අසු වෙති.ඇත්ත එයයි..

තවද අද වනවිට F භාවිතා කරන 18ට අඩු (18-) අයගේ ප්‍රතිශතය වැඩිය.ඇත්තම කියුව හොත් මොවුන් විශේසයෙන්ම Facebook භාවිතා කීරිමෙදි පරිස්සම් විය යුතුය. Facebook තුල යහපත් මෙන්ම අයහපත් මිනිසුන්ද ඇත,තවද ඇත්ත සමජයේදි ඉ‍ටු කර ගැනීමට නොහැකි,පෙන්විය නොහැකි ඇතැම් කරුනු Facebook මගින් සිදු කරීමටත් ඉ‍ටු කරගැනීමටත් මොවුන් උත්සහ කරයි.ඒවාට මෙවනි පසල් යන දරුවන් ගොදුරු වන අවස්තා බොහොමයක් මා පෞද්ගලිකව දැක තිබෙනව මෙන්ම මා එවනි බොහෝ දෙනෙකුට අවශ්ය උපදෙස්ද ලබා දී තිබෙනවා.(ඔවුන් එවා පිලිපදිනවාදැයි මා නොදනිමි.)

විශේසයෙන් පවසනවනම් Facebook තුලින් ප්‍රේම සම්බන්දතා ඇති කර ගන්නා ප්‍රමාණය ඉතා ඉහල ගොස් ඇත.. එයට හෙතු පවතී.. ජිවිතයට ආදරය අත්යාවෂ්‍යය.. අපට ආදරය කුඩා කාලයේ සිටම අපගේ දෙමාපියන්ගෙන් ලැබුනත් වැඩි වියට පත් වෙද්දී(දැන්නම් ඉතින් අවු 10න් 12න් ඊටත් අඩුවෙන් වගේ වෙනවනේ) තමන්ගේ විරුද්ද පර්ශවයේ කෙනෙකුගෙන්(තමන් පිරිමිනම් ගෑනු කෙනෙක් ගැන හෝ තමන් ගෑනු කෙනෙක් නම් පිරිමි කෙනෙක් ගැන හෝ)(එකේ අනිත් පැත්ත වෙනවනම් ඉතින් පෙර කල පවක් තමයි)  ආදරයක් බලාපොරොත්තු වෙනවා.. එක තමයි ඇත්ත.. ඒක වයසේ වැ‍රැද්ද කියමුකො.ඒත් අදකලේ ගොඩක් තරුන තරුනියන් දන්නේ නැහැ මොකක්ද මේ ආදරේ කියන්නේ කියලා.එයලා ආදරෙ ගැන දැනගන්න විදි ගොඩක් තියෙනවා.. අපි එ ගැනත් කතා කර්මුකෝ එනම්..

01.  තමන්ගේ අම්මා තාත්තාගේ ආදරේ සෙනෙහස දැකලා ඒමත් ආදරේ ගැන ඉගෙන ගන්නවා.අම්මා ලගින්ම ඉන්නවා වගේ අම්මට සලකනවා වගේ අම්මට අදරේ කරනව වගේ අපේ තාත්තා වගේ හොද ආදරයක් විදින්න අපේ සමහර දුවලා කමතියි.ඒ වගේම පුතාලත් අසායි තාත්තට අදරෙන් ඉන්නවා වගේම තාත්තට සෙනෙහස දක්වනවා වගෙ අම්මා තාත්තට දක්වන ආදරේ වගේම ආදරයක් දෙන්න පුලුවන් කෙනෙක්ට ආදරේ කරන්න පුතාලත් ආසයි.. හැබැයි ඉති අම්මලා තාත්තලා යක්කු වගෙනම් හැසිරෙන්නේ ජීවිතේට දරුවො ඒ වගේ ආදරයක් පාර්ථනා කරන්නෙ නැහැ කවමදාවවත්.එතකොට තමයි එයාල පහල තියෙන අනෙකුත් කරුන වලින් ආදරේ ගැන ඉගෙන ගන්නේ..

(ඊලග කරුනු ටික මම කෙටියෙන් කියන්නම්.මොකද ඒක විස්තර කරලා කියන්න ගියොත් මෙක අදරේ ගැන ලිපියක් වෙනවා.එකයි)

02. සමාජයේ දකින්න අහන්න තියෙන ආදර සම්භන්ද දිහා බලලත් තරුන තරුණියෝ ආදරේ ගැන ඉගෙනගන්නවා. ඇත්තම කියුවොත් අපිට අද සමාජේ දකින්න තියෙන්නේ කොල්ලා කෙල්ලව අරගෙන Room යන හරි Film Hall එකක Box එකකට යන හරි අදරයක්නේ(මෙතනනම් ආදරයක් නෙමි තියෙන්නේ.එ ගැන පසුව ලිපියකින් කියන්නම්කො)ඒ අතරේ අවංක ආදරයනුත් දකින්න පුලුවන් ඒත් ගොඩක් ආදර සම්බන්දතා හැගීම් ඉස්ඨකරගැනීමෙ අරමුනින් පවතින ඒවා..

03.අනිත් විදිය තමයි Tv එකෙන් Film වලින් දකින්න තියෙන ආදර කතා වලින් ආදරෙ කියන්නේ මොනාද කියලා ඉගෙනගන්නවා.මේ දෙවල් වලින්නම් ආදරෙ ගැන ඉගෙන ගන්න අවශ්තාවක් ලැබෙනවනම් ලැබෙන්නෙ 0.1% වගෙ තමයි.99.9%ක්ම දෙන්නෙ වැරදි ආදරයක් ගැන ප්‍රතිරූපයක් තමයි.ලංකාවේ 7.30 පටන් අරගෙන 10.30 විතර වෙනකන් තියෙන Teledrama ටික බැලුවනම් පට්ටම බොලද ඒ වගේම කිසි තෙරුමක් නැති ආදර කත ගැන තමයි කියන්නෙ.දැන් දැන් ඒවත් වාණිජකරනය වීම ආදරය විකුනාගෙන කන්නයි ඒ අය උත්සහ කරන්නේ.Hindi Film එකක් බැලුවොත්නම් ඉතින් හීනයක් බැලුවා වගේ තමයි.ගහ ගනීවී මරාගනීවී බොක්කෙන් ළ් කරවී.සියදිවි නසා ගනිවි ඔන්න ඔවා තමයි එවගෙන් පෙන්නන්නේ.English නම් ඉතින් කො‍ටු කො‍ටුනෙ අදරෙ කියල පෙන්වන්නේ.ඇත්තටම මෙ අතරේ ඉතාමත් කලාතුරකි ඉතා හොද ගණයේ ආදර කතා අපිට දැක ගන්න පුලුවන් ඒත් 99,9% දෙන්නෙ අපිට වැරදි ආදර්ශයක් තමයි…

04.තව විදියක් තමයි තමන්ගේ අවංකවම කෙනෙක් දැක්කම දැනෙනයම් විශේශිත වු දෙයක් නිසා ඔහු හො ඇයට ආදරය කරනවා.හිතට දැනෙන දේවල් වකින් ආදරය ඉස්සරහට ගෙනයනවා.තමන්ටම අවේනික වූ විදියකට.. (මෙකනම් ටිකක් අඩුයි ඉතින්.මෙහෙම ආදර හොයාගන්න අමාරුයි,මොකද දෙන්නටම එකම විදියට දැනෙන්නත් ඔනිනෙ)

ඔන්න ඔය විදියට තමයි ලමයි ආදරේ කියන දේ ගැන ඉගෙන ගන්නේ.(තව තියෙනවා ඒවා වෙන ලිපියකින්) අහ් තව දෙයක්.. ඉස්කෝලේ සෞඛ්‍ය පොතේ තියෙන්නේ ආදරේ ගැන නෙමි හොදේ.. ඉතින් දැන් ඔයලටම තෙරෙනවා ඇතිනේ ලමයින්ට අදකාලේ දකින්න අහන්න ලැබෙන ආදර කතා මොන වගේද කියලා.ඉතින් එයාලත් ඉබේටම යොමු වෙන්නේ එයලා ඉගෙන ගත්තු දැකපු ආදරේ විදින්න තමයි.අම්මයි තාත්තයි සතුටින් ආදරෙන් නැතිනම් ලමයි වැරදි විදියේ ආදරෙකට යොමු වෙන ප්‍රවනතාවය වැඩියි.එයාලා මොන විදියකින් හරි ආදරයක් හොයනවා. Facebook එකෙන් විතරක් නෙමෙයි දුරකතන,මගතොටදී,පංති වල,පාසල් වලදි වෙනත් සමාජ ජාල වලින් වගේත් එයාල ඒ දේ හොයන්න යන්නවා.ඒ වෙලවෙදි නොදැනුවත් කම නිසා ගොඩක් වෙලවට එයාල වැරදි මාර්ගයේ යනවා.එක්කෝ වැරදි පුද්ගලයන්ට හසු වෙනවා.තමන්ගේ ජිවිත විනාස කරගන්නව,අද්‍යාපනය කඩාකප්පල් කරගන්නවා,එමත් නැතිනම් සියදිවි නසා ගන්නවා.. ඒ දේට සමාජ ජාලා පමනක් බලපාන්නේ නැහැ.සමජ ජාලා සියල්ල තහනම් කලත් මේ වෙන දේ මෙ විදියටම වෙනවා.මෙකට මුලින්ම අපි ඔවුන්ව හොදින් දැනුවත් කරන්න ඔනි.. ඇත්තටම දෙමාපියන්ට තමයි මේ සම්බන්දව තම දරුවන්ව දැනුවත් කරන්න ලේසියෙන්ම පුලුවන්.ඒත් ඔවුන්ගේ අතින් මේ දෙවල් වෙනවා අඩුයි.සමහර වෙලවට දෙමාපියන්ගේත් යම් යම් අයතා සම්බන්දකම් නිස ඔවුන්ටත් මෙ දෙවල් කියන්න බැහැ.ඉතින් වෙන්නෙ දරුවන් ඔවුන්ට හොදයි කියා සිතට කා වැදුනු දෙයට පෙලබීමයි

අනිත් අතට අද තියෙන තරගයත් එක්ක පසල් යන ලමුන්ට සමාජයත් එක්ක අත්දැකිම් ලබන්නවත් වෙලාවක් නෑ කියුවොත් නිවරදියි.අමතර පංති,පාසල් නිසා ඉතා අවිවෙකී ජීවිතයක් තමයි ඔවුන් ගෙවන්නේ.නිවසට පැමිනි පසු ඔවුන් කරන්නෙ කැම බීම ගෙන අවසන්ව තම නිදහස් කාලය ගත කිරීමටය.මොවුන්ට බොහො වෙලවට මෙ ඉඩ කඩෙන් කරනු ලබන්නේ තම නිවසෙ පරිගනකයක් තිබෙනම් එය බාවිතා කිරිමයි,එවිට බොහො දෙනා Facebook බාවිත කිරීමට පෙලබේ.ඇත්තම කියුවහොත් දරුවන් පමණක්  නොව වැඩිහිටියන් පවා මෙසේ විවේකයක් ලැබුනු විට Facebook එමට හුරු වී ඇත. සමහරුන්ට මෙයට ඇබ්බැහි වී ඇත.අන්න එවා මග හැර ගත යුතුය.කිසි දෙයකට ඇබ්බැහි නොවන්න.එය ඔබේ දිවිය අපහසු කරනු ඇත.ඕනම දෙයක් ඕනවට වඩා ඔනීම නෑ කියල කතවක් තියෙනවනේ.අනික මෙවනි වැඩකට නැති දේවල් නිසා තම ජිවිත නිකරුනෙ විනාස කර ගැනීම ඉතාමත් අනුවන ක්‍රියවකි.ඇත්තම කියුව හොත් ඔබ ඔබේ ජිවිතයේ වටිනාකම නොදන්නා කෙනෙකි.ඔබට සියදිවි නසා ගැනීමට තරම් ප්‍රශ්න ඇත්තටම තියෙනවාද?පශ්න වලින් පැනලා යන්න කියල ජිවිතේ ඇති කරගන්න එක හරිද?

මොහොතක් සිතන්න.ඔයා මැරුනම ඔයාව ආදරෙන් හැදු වැඩු අපමන දුක් විදලා ඔයාව මෙ ලොකේ හොද තැනක ඉන්නවා දකින්න සිහින මවන තමන්ගේ දෙමාපියන් කොච්චර දුක් වෙවිද කියලා.ඒ ඇස් වලින් කදුලු වැටෙනවා බලාගෙන ඉන්න පුලුවන්ද?ජිවිතෙ කියන්නෙම පශ්නයක් තමයි.අපි එකට මුහුන දෙන්න ඔනි.ඔයාලට ජිවිතෙ පශ්නමයි එන්නෙ කියලද ඔයාල හිතන්නේ.මොන පිස්සුද.මම ඔයාලට හොද උදාහරනයක් දෙන්නම්.. ජිවිතෙ වටිනාකම කොපමණද කියල දැනගන්න එක පාරක් මහරගම පිලිකා රෝහලට ගිහින් එන්න.ඔබ කවදාවත් ඔබෙ ජිවිතයට වෛර කරන එකක් නෑ.ඔබේ ජිවිතය කොච්ච්චර සුන්දරද කියලා හිතේවී.ඇත්තටම තමන්ට තියෙන දෙ ගැන අගයක් කොයි වෙලාවකවත් තමන්ට දැනෙන් නෑ.ඒ දෙ නැති උනමයි ඒකේ අගේ දැනෙන්නේ.ජිවිතේ නැති උනට පස්සෙ එකෙ වටිනකම දැනුන කියල කිසිම වැඩක් නෑ.ඔයා එ කරන දෙයින් තමන්ගෙ ආදරණීය , ඇස් දෙක වගෙ බලගනිපු අම්මා තාත්තට දුක් දෙනවා විතරයි

අම්මා තාත්තා බැන්නා කියල සියදිවි නසා ගනිපු අවස්තා වගේම කෙනෙක් අවවාද කල කියල සියදිවි නසා ගනිපු අවස්තා අපිට අහන්න ලැබුනා.ඇත්තටම මෙවට වැරදි සියදිවි නසා ගනිපු කෙනාද අවවාද කල කෙනාද?ඇත්තටම ඒ දේට හරි පිලිතුරක් දෙනවනම් අවවාද්ය දීපු කෙනා හරියට අවවාදය නොදීම හෝ සියදිවි නසා ගත්තු කෙන හරියට අවවාදය තෙරුම් නොගැනීම නිසා මේ දේවල් බොහෝ වෙලාවට වෙන්න පුලුවන්

ඒ තුලින් සමාජයටත් යහපතක් වේවි කියල මම හිතනවා.ඒ නිසා මම කැමතියි ඉතා ගෞරවයෙන් යුතුව Facebook භාවිතා කරන සියලුම දෙනාගෙන් හා Facebook  Page Admin ලගෙන් වගේම Group Admin ලගෙන් ඉල්ලා සිටින්නේ ඔයාලා කැමතී ඕනම කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න මම මේ Page එක හැදුවේ කිසිම ප්‍රතිලාභයක් අපේක්ශාවෙන් නෙමී.මෙතන කිසිම දේශපාලන පසුබිමක් නෑ.මට ඔන සමාජය දැනුවත් කරලා Facebook නිසා සිදුවෙන්න පුලුවන් අහිතකර දේ අඩු කරන්නත් මෙය භාවිතා කරන පිරිස දැනුවත් කරලා ආරක්ශා කාරීව Facebook භාවිතා කරන හැටි කියල දෙන්නත් විතරයි.ඒ නිසා එන්න ඔයාලට පුලුවන් ලොකු දෙයක් මේ සමාජයට ලබා දෙන්න.මම Page Admin ලගෙන් මෙන්ම Group Admin ලගෙන් ඉල්ලනවා අපි එකට එකතු වෙලා මේ දේවල් වලට පිලියමක් දෙමු.. අපි සේරම එකතු උනොත් ලොකු දැනුමක් ලොකු පිරිසක් අතරේ බෙදාදෙන්න පුලුවන්.ඒ වගේම Facebook ආරක්ශාකාරීව භාවිතා කරන විදි වගේම සමාජය දැනුවත් කරන්න පුලුවන් ඔනම ලිපියක් අපිත් එක්ක එකතු වෙලා බෙදා ගන්න කැමති ඕන කෙනෙක්ටත් අපෛත් එක්ක එකතු වෙලා සමාජය දැනුවත් කරල Facebook ‍රැක ගන්න කැමති ඕනම Facebook Page Admin, Group Admin කෙනෙක්ටත් අපේ Page 1 Admin කෙනෙක් වෙලා අපේ Page එකෙනුත් ඔයාලගේ Page වලිනුත් අපි අපේ සමාජය දැනුවත් කරමු.ඉස්සරහට සිදුවෙන්න තියෙන ජීවිත හානී අවම කරගමූ.මේ මොහෙතේ අපි සෙරමල එකතු වෙන්න ඔනී මොහොතක්,මම ඔයාලා හැමොගෙන්ම ඉල්ලානවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.වචනෙකින් හරි සමාජය දැනුවත් කරන්න දායක වෙන්න කියලා.. මෙම ලිපියට ඔබේ ප්‍රතිචාරය අනුව අපි Facebook භාවිතා කරන්නන්ට වැදගත් උපදෙස් මෙන්ම සියදිවි නසා ගැනීම නවත්ව ගන්න ඔනී කරන මානසික උපදෙස් ලබාදෙන්න ක්‍රියා කරනවා.ඒක මට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමි.ඒ නිසා ඒ ගැන දැනුමක් ඇති සෑම දෙනාට අපි ඇරයම් කරනවා මේ Page එකේ ඇඩ්මින් කෙනෙක් වෙලා හරී තමන් කැමති විදියකට හරී ඔබ සතු එම වටිනා අදහස් ,දැනුම බෙදා ගන්නා ලෙසට.

මෙය කියවපු ඔබෙන් අපි ඉල්ලන්නේ එකම දෙයයි අපිත් එක්ක එකතු වෙලා Facebook ගැන හරි අවබොධයක් සමාජයට ලබා දීල වෙන්න තියන ජිවිත හානි හා අනෙකුත් අහිතකර ප්‍රතිඵල අවමකරගන්න අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම තවත් කෙනෙක්ට මෙම ලිපිය කියවීමේ අවස්තාව ලබාදෙන්නත් අපි සමග එකතු වෙලා සමාජය දැනුවත් කරන්න එකතු වෙන්නත් කියලා කියන්න විතරයි.. මම මේ පිලිබදව යහපත් හෝ අයහපත් හෝ ප්‍රතිචාරයක් ඔබ සැමහෙන් බලාපොරොත්තු වෙමි.. අපේ Admin කෙනෙකු වීමටත් ළිපි පල කරීමට හෝ දැනුවත් කිරීමේ නිර්මාණ පල කිරිමට කැමති කෙනෙක් ඉන්නවනම් හෝ යම් ගැටලුවක් ඇති කෙනෙක් ඉන්නවනම් අපිට Mzg කරන්න කියලත් අපි ඉල්ල සිටිනව..

 මේ වගේ දෙවල් වලදි කරන්න ඔන සමාජ ජාලා තහනම් කිරීම නෙමෙයි සමාජය දැනුවත් කරලා Facebook භාවිතා කිරිමේ මුලික අවබෝදයවත් ලබා දීමයි.දෙයක් වෙනකන් බලන් ඉදලා එක වහලා දාන එක නෙමී පිලියම.ඒම කරනවනම් ඉතින් ස්ත්‍රී දුශන නවත්වන්න ඉන්න සෙරම පිරිමින්ගේ පිරිමි කම නැති කරලා දාන්න හදනවා වගේ වැඩක් තමයි කරන්න හදන්නේ.මේ වගේ ස්මාජ ජාලා තහනම් කලොත් Google+,Twitter,Instragram,Elakiri වගේ එවත් තහනම් කරන්න වේවී.මොකද ඊට පස්සේ Facebook භාවිතා කල අය ඒවට යොමු වෙන නිසා.මෙතනදි සිතා මතා තිරිණ ගැනීමයි වැදගත්.නැතිව කටට ආව පලියට මේක තහනම් කරනවා කියලා තේරුමක් නෑ.මෙතනට දේශපාලනය වැදගත් නෑ කවුරු මොන තීරණය ගත්තත් එක සාධාරණ එකක් වෙන්න ඔනී.නිවරදි තීරණයක් ගන්නේ නැතිව හිතුමතේට තීරණ ගැනීම පිලිබදවනම් තියෙන්නේ ලොකු අප්‍රසාදයක්.අපිට Facebook එකෙන්ම මේ වෙන ජීවිත විනාශ වලට පිලියමක් දෙන්න පුලුවන්.අපිටම පුලුවන් මේ දේවල් නවත්වන්න.අපි අපිම දැනුවත් උනොත් මේ සමාජයට ලොකු දැනුමක් දෙන්න පුලුවන් වෙවී මේ දේවල නවත්තන්න.. මම දන්නවා මේ Facebook එකේ ගොඩක් දැනුමක් තියෙන බුද්දිමත් පිරිසක් වගේම Facebook එක ජරා කරන පොරවල් ටිකකුත් ඉන්නව කියලා.. මම මේ ඉල්ලන්නේ අපි අපේ සමාජය දැනුවත් කරමු.මෙහෙම ජිවිත හානි වෙන එක Facebook එකෙන් වෙන්න පුලුවන් කරදර අඩු කරගන්න විදි,කොහොමද Facebook ආරක්ශිතව භාවිතා කරන්නේ කියලා සමාජය දැනුවත් කරමු.අපේ නංන්ගිලා මල්ලිලාට Facebook වලින් වෙන්න පුලුවන් අයහපත් දේ අවම කරගන්න අවශ්ය දැනුම,උපදෙස් ලබා දෙමු..

අප සමග එකතු වන්න - Click Here

No comments:

Post a Comment