ඇය නමින් ශශිකාය


ඇය නමින් ශශිකාය.ඇය විවාහකය.සැමියා Army නිලදාරියෙකි.ඔහු නමින් සජිත් වූ අතර ඔවුන් දෙදෙනාට නිලු හා ඉදුනිල් නමින් වයස අවුරුදු 3හා 2වු සිගිතියක හා සිගිතියක සිටියහ.සජිත්ට නිවාඩු ලැබෙනුයේ මාස කිහිපයකට පසු නිසා ඇයගේ තනියට සුජිත්ගේ මව සිටියහ.කාලය මෙසේ ගෙවි යද්දී සුජිත් ගේ මව මිය ගියේ හර්දයාභාදයකිනි.තම මවගේ මරණයෙන් පසු ශශිකාගේ තනියට නැවැත්වීමට කෙනෙකු නැති උනත් සුජිත්ටද ‍රැකියාවෙන් අස් වීමට නොහැකි නිසා ශශිකා හා සිගිත්තන් දෙදෙනාට ජිවිත් වීමට සිදු වුයේ තනියමය.

ශශිකා යනු අවුරුදු 32 පමණ වයස ඇති සුරූපී කාන්තාවක් වූ අතර සුජිත් හා ශශිකා විවාහ වුයේ ප්‍රේම සම්බන්දයක ප්‍රතිපලයක් වශයෙනි.ඔවුන් දෙදෙනා එකිනෙකට බෙහෙවින් ආදරය කල අතර සැම විටම එකිනෙකාගේ විස්වාසය ‍රැක ගත්තේය.ඔවුන්ගේ අසල්වැසියන්ද මොවුන්ට ප්‍රිය කලේ මොවුන් හිත හොද මිනිසුන් වූ නිසාය..

මෙසේ කාලය ගතවීගියේය.ඔවුන්ගේ යාබද නිවසේ ජීවත් රජයේ උසස් තනතුරු දැරූ විශ්‍රාමික යුවලකී.ඔවුන්ට සිටියේ පුතෙකු පමණකි.ඔහුද ඉගේනීම් කටයුතු සදහා විදේශගතව සිටි අතර ඔහු නිවාඩුවක් සදහා මාස කිහිපයකට නැවත තම රටට පැමිනියහ.යාබද නිවසේ සිටිනා ශශිකා සමග විශ්‍රාමික යුවල දැඩි මිතුදමකින් සිටියහ.ශශිකාද එසේය.ඔවුන් තනිවම ජීවත් වු නිසා ශශිකාද තමාට පාලු දැනුන අවස්තාවල එහි ගොස් කතාබහ කරමින් සිටීම පුරුද්දක්ව තිබුනි.

විශ්‍රාමික යුවලගේ පුතා මේ අතර නිවාඩුව ගතකිරීම සදහා තම රටට පැමින තිබුනි.ඔහුගේ නම දනුශ්ක වු අතර වයස අවුරුදු 20කි.අවුරුදු 3 - 4 කට පසු තමන් ලගට පැමිනි පුතා නිසා මෙම මවුපියන දෙපල ඉමහත් ලෙස සතු‍ටු වූහ.දිනක් ශශිකා ඔවුන්ගේ නිවසට ගියේ ඒදා ඇය පොලෙන් ගෙනා පලතුරු කිහිපයක් ඔවුන්ටද ලබාදීමටය.ශශිකා දනුශ්කව දැක තිබුනේ ඔහු කුඩාකාලයේය.ශශිකා දනුස්ක සමග ටිකක් කතාකර අවසානයේ ඔහුගේ මව හමුවී නිවසින් පිටවිය.ඇයව දු‍ටු මොහොතේ සිට ඇය කෙරෙකි පහත් වූ අදහසක් ඔහුගේ සිතේ පහලවිය.එයට හේතුවක්ද විය.ශශික වීදේශ ගතව සිටියදි මිතුරන් සිටියේ අතලොස්සකි.මොහු ගොඩක් වෙලාවට අද්භූත වු පුද්ගලයෙකි.තනිව සිටීමට බොහො විට කැමතිය.

මොහු විවේකය ලැබුනු අවස්තාවල කරනුයේ තම කාමරයට වී අන්තර්ජාලයේ සැරිසැරීමය.මොහු විවිද වෙබ් අඩවි වල පලකරනු ලබන අසභ්‍ය කතා කියවීමට දැඩි රුචියක් දැක්වූහ.එවනි බොහෝමයක් වෙබ් අඩවි මොහු නරබනු ලබන අතර ඉන් ඔහු සතු‍ටු විය

එවායේ ඇති කතාවලට ඔහු වශීවිය.ඒවායේ ඇති සමහරක් අසම්මත වූ ඒ වගේම අමුලික බොරු වු කතාන්දර රාශියක් ඔහු සිතේ මවාගත්තේ මෙවා සැබෑ ලෝකය කියාය.ඔහු එහිදි කියවු එක් කතාවක චරිතයක් ශශිකා වගේ විය.ඇයගේ හැඩරුවද එම චරිතය මෙන් විය.ඉතින් ඔහු ශශිකාව දු‍ටු විට ඔහුට සිහි වුයේ එම චරිතය හා කතාවය.ඔහු සිතුවේ එම කතාවල පරිදි ඇයව ඇසුරු කිරීමටද ඔහුට හැකියාව ලැබේවි කියාය.ඔහු එසේ කිරිම සදහා එම කතා වල තිබෙන්න වු විදියට ඇය ස්මග මිතුරු වීමටත් ඇයව වරදට පොලභවා ගැනීමටත් උත්සහ කලත් සැබෑ ජිවිතය ගැන නොදත් මොහු එන්නේ හොදකට නොවේ යයි ශශිකාට තෙරුම් ගියේය.ඇය මොහුගෙන් සැම විටම පරිස්සම් වීමට උත්සහ කලහ.

ඔහුගේ සියලු උත්සහයන් අඩපන උන තැන ඔහුට කෝපයක් ඇතිවිය.ඔහු හොදින් හෝ නරකින් තමන්ට අවශ්ය දේ කරනවා යන අදහසින් දිනක් තම මව විසින් පිලියල කරන ලද මාලු ව්‍යාන්ජනයෙන් කොටසක් ශශිකාටත් දෙමු කියා පවසාඔහු විසින්ම එය ‍රැගෙන ඇයගේ නිවසට ගියේය.යන අතරතුරදි ඔහු තම මිතුරෙකුගේ මාර්ගයෙන ලබාගත් යම් කිසි බෙහෙතක් මෙම කෑම එකට මිශ්‍ර කලේ ඇය ඉන් අඩපන වූ පසු තමන්ගේ පහත් වු අදහස ඉස්ඨ කරගන්න අදහසිනි.කිසි වෙනසක් නොපෙන්නු ඔහු කෑම භාජනය ඇයට දී නිවසට පැමිනියේ රෑට තමන්ගේ ආසාව ඉස්ඨකරගන්නවා කියා සිතාය.මොහු ඊට පසු අන්තර්ජාලයේ කතා ටිකක් ආයේ කියවීමට පටන් ගත්තේ කාලය යවා ගැනීම සදහාය.එහි මෙවනීම කතාවක්ද තිබු අතර ඔහු එය ඉතා ආසවෙන් යුතුව කියෙවුවේය.රෑ තම යාලුවෙක්ගේ පාටි එකකට යනවා කියා නිවසින් පිට වී හොරාට අල්ලපු ගෙදර දෙස විපරම් කෙලේ ඔහුගේ සැලසුම කෙසේදැයි කියා බැලීමටය.ශශිකා රාත්‍රී ආහර අරගෙන ඉවර වී තම භාජනද සොදනවා දු‍ටු ඔහුගෙ සිත සතුටින් පිරුනි.

තව පැයක් පමණ සැගව බලාසිටි මොහු නිවසේ සිටි අය නිදි යයි තහවුරු වූ පසු හෙමින් සැරේ නිවසට ඇතුල් වුයේ ශශිකාගේ නිවසේ ඇත් නානකමරයේ ජැනෙලය තුලිනි.මොහු ඇයගේ නිවසට මීට පෙර අවස්තා කිහිපයක් පැමිනි නිසා නිවසේ ඇති දුරවල ස්තාන මොහු හොදින් දනී නිවසට ඇතුලු වු ඔහු ඇයගේ කාමරයට හෙමින් සැරේ ගියේය.ඔහුට තවමත් ඔහුගේ සැලසුම සාර්තකද කියා විශ්වාසයක් නැති නිසා ශබ්ද කිහිපයක් කර ඔවුන් දැඩි නින්දේදයි බැලුවේය.

කිසිවකු නැගිට්ටේ නැත.මොහු දුන් බෙහෙත හිතුවටත් වඩා හොදින් වැඩ කර ඇතිබව දැනගත් මොහු ව්හා ක්‍රියාත්මක වී ඔහුගේ පහත් හැගීම් ඇයගෙන් පිරිමසා ගැනීමට පටන්ගත්තේය.ඔහුගේ එම පහත් ක්‍රියව අවසන් උන පසු ඔහු සියල්ල තිබු ලෙසම සකසා ආ විදියටම තම නිවසට ගියේය.ඊලග දින උදාවිය.මොහු වෙනදාට වඩා වැඩි වෙලවක් නිදාගත්තේ රෑ නින්දක් නොලැබූ නිසාය.මොහු නිවසට පැමින එදා රෑම තමගේ අත්දැකීමද අර අස්භ්ය වෙබ් අඩවි වලට ලබාදුන්හ.හදිස්සියේ ඇසුන ගෝෂාවක් නිසා උදේ 10ට පමන ඇහැ ඇරුනු ඔහු නිවසෙන් එලියට පැමිනියේය.එවිට දු‍ටුවේ ශශිකාගේ නිවස වටා මිනිසුන් පිරි සිටිනා ආකාරයකි.කලබල වු ඔහු ටික වේලාවක් බලන් ඉදල හෙමින් සැරේ ඇයගේ ගෙවල් පැත්තට ගියේ තම මවත් පියාත් එහි අඩමින් සිටිනවා දැකය.එහි ගිය ඔහු සිදු වු දෙය විමසා බැලීය

එය ඇසීමෙන් බිය වූ ඔහු වහා එතනින් ඉවත්ව ගොස් කාමරයේ ටික වේලාවක් සිට අතට අසු වු දෙවල් ටිකක් තම බෑග් 1ට දමාගෙන කාටත් හොරාම නිවසින් ගියේය.දින කිහිපයකට පසු ඔහුගේ මලසිරුර ගගක පවෙමින් තිබියදි සොයාගැනින..

ඇත්තටම සිදුව ඇත්තේ කුමක්ද?

සිදුව ඇත්තේ මෙයයි.දනුශ්ක තම මිතුරාගෙන් ඉල්ලා ගත් බෙහෙත ඔහු ආහාර වලට අධිකව මිශ්‍ර කර ඇත.ඔහුට ඒ ගැන දැනුමක් තිබුනේ නැත.එම නිසා ඔහු එම සියල්ලම කෑම වලට මිශ්‍රකර ශශිකාට ලබාදුන්නේය.ශශිකා තම සිගිත්තන් දෙදෙනාටද ආහාර කවා ඇයද එවා ආහාරයට ගෙන ඇති අතර මාත්‍රාව ඉක්මවා එම බෙහෙත් තිබු නිසා ශශිකා හා ඇයගේ දරුවනට මරණය අත් විය.එය දැකීමෙන් දනුශ්ක පියවි ලෝකයට පැමිනි අතර ඔහු තමා කල වරදේ බරපතල කම තෙරුනේ එවිටය.එතෙක් එම කතා වල ලෝකයේ ජිවත් වු ඔහු පියවි සිහියට පැමිනියේය.මේවා ඒ කතා තරම සුන්දර නැතැයි තේරුණේ එවිටය.ඔහු අන්තිම තම ජීවීතය නැති කර ගැනීමටද තිරණය කරගත්තේ අහින්සක ශශිකාව හා ඇයගේ සිගිත්තන් දෙදෙනාව මරාදැමීමේ වෙදනාව දරාගැනීමට නොහැකිවය...

අන්තිමේ ශශිකාගේ සැමියාට ඔහුගේ ආදරණීය බිරිද මෙන්ම සිගිත්තන් දෙදෙනාද නැති විය.දනුශ්කගේ දෙමාපියන්ට තිබු එකම බලාපොරොත්තුව වු දනුශ්කද නැති විය.මේවායේ වරද කාගේද?

පළමු වැරදි කරු- දනුශ්ක

සැබෑජීවිතය තෙරුම් ගැනීමට උත්සහ නොකර හුදෙක් ගොතන ලද හා වියාජ කතාවලින් මනස විකෘතී කරගෙන එම කතාවල ඇති චරිත මෙන් ජීවත් වීමට උත්සහ කිරීම තුලින් ඔහු තමාගේ ජිවීතය මෙන්ම අහින්ශක ජීවිත 3ක්ද තිරිසන් ලෙස මරා දැමීය.ඔහු තම ආශාවන් ඉශ්ඨ කරගෙන ඇත්තේ මියයමින් සිටි ශශිකාගෙන්ය.එය තිරිසන් සතෙකුවත් නොකරනා විදියේ පහත් ක්‍රියාවකි.

ඇත්තටම අප අතරත් මෙවනි කතා කියව්න ඔනී තරම් අය ඉන්නවා.සමහරු මේවට අධික ලෙසම ඇබ්බැහි වෙලා.ඒම කියවන අය අතරේ පිරිස් කිහිපයක් ඉන්නවා.ඒ තමයි ඒවායේ තියෙන සමහර නොගැලපෙන මෙන්ම තිරිසන් ක්‍රියා සහිත කතා දැක්කම තරහ් යන අය.එයාලා මෙම කතා කියවන්නේ හුදෙක්ම විනොදය උදෙසා පමනයි.ඔවුන් එම කතා ප්‍රතික්ශේප කරනුයේ ඔවුන් දන්නවා එවායේ තියෙන අතුරු ප්‍රතිපල.

තවත් සමහරු ඉන්නවා මේ කතා කියවනවා එවායෙන් සතු‍ටුත් වෙනවා ඒත් කවදාවත් ඒ කතාවල තියෙන දෙවල් උත්සහ කරන්න යන්නේ නෑ.මොකද එයාලත් දන්නවා මෙකේ තියෙන්නෙ පට්ටපල් බොරු කියලත්.නිකන් ෆන් එකට කියවල සතු‍ටු වෙනවා..

ඊලග කට්ටිය තමයි භයානකම අය.මොවුන්ට මේ කතා ලියන අය තමයි වීරයෝ.එයාලා හිතන්නේ මේ කතාව ලියපු එකා සිරාවටම මේ වැඩෙ කරා තමයි කියලා.ඔය වගේ කතා වලින් 98% විතර තියෙන්නෙ පට්ටපල් බොරු.එක්කෝ කටකතාවක්.ලියන එකා තමන්ගේ හිතේ තියෙන පහත් ආශාව කතාව තුලින් එලියට දැම්මම ඒක කියවන එකා හිතන්නේ මූ පට්ට පොරක්නේ මූ කරනම් මාත් කරන්න Try කරන්න ඔනී මටත් Chance 1ක් ලෙබේවි කියලා.ඒම හිතල නිකන් තිරිසන්නු වෙන්න එපා.සමහර කතානම් තිරිසනුන්ටත් අන්ත විදියටයි ලියලා තියෙන්නේ.තමන්ගෙම නංගිලා,අක්කලා ඒ වගේම තමන්ව බිහි කරපු අම්මා ගැනත් මේ විදියේ ජරා කතා ලියන අවජාතකයෝ ඉන්නවා.මෙක කියවන එ වගේ කට්ටිය කපුටට කියාවී මු නම් මහ නපුන්සකයෙක් කියල.උන් හිතන ව්දියටනම් ඉතින් උන්ගෙන් වච්ච්නෙන් පිරිමියා කියන්නේ තමන්ගේ අම්මා නංගිවත් අදුරගන්න බැරි කාළකන්නින්ට තමයි

ජිවිතේ තියෙන්නේ විදින්න තමයි.ඒත් අනවශ්ය විදියට විදින්න ගියොත් ඉතින් වෙන්නේ විදවන්න විතරයි.ඒ නිසා මේ වගේ කතා ලියන කෙනෙක් ඉන්නවනම් සාමාජය ව්ගේම එයා ලියන කතාවෙන් ජිවිතයකට හානියක් වෙන්න පුලුවන් කියල හරි හිතන්න ඔනි.ඒම හිතන් නැතිව නිකන් තිරිසන් කතාවක් විතරක්නම් ලියන්නේ උන්ගේ අම්මා තාත්තාගේ ඉදලා අකුරු උගන්නපු ගුරුවරයා දක්වම ඒ පව යනවා.අන්තිමේ ඌටත් මැරෙන්න වෙන්නේ තිරිසනෙක් විදියට තමයි.

මෙවා පළකරන වෙබ් අඩවි වල හිමිකරුවන් තමයිඅනිත් වැරදි කරුවන්.මොවුන්ට ගොඩක් වෙලාවට ඔනි තමන්ගේ වෙබඩවියට එන පිරිස වැඩි කරගන්න විතරයි.පළකරන්න ඔනී මොකක්ද එපා මොකක්ද කියලා එයාලට තෙරෙන්නේ නෑ.තමන්ට ලැබෙන ඔනි කතාවක් පළකරලා තමන්ගේ වෙබ් අඩවියට එන සෙනග වැඩි කරගන්න එක විතරයි කරන්නේ.ඇත්තටම එයාලත් ටිකක් හිතන්න.මෙ වගෙ තිරිසන් වඩක් ඔයාලටත් වෙන්න පුලුවන්.මොකද අන්තර්ජාලයේ විවිද බුද්ධි මට්ටමේ පුද්ගලයන් භාවිත කරනවා.මෙවයෙ තියෙන දේවල් ඇත්ත කියලා ජිවිත විනාස කරගන්න වගේම විනාස කරන ඔනි තරම් අය ඉන්නවා.මෙහෙම ගියොත් අනාගතයේදී මොනවගේ තත්වයන් ඇති වේවිද කියන්න බෑ.මිනිස්සු තිරිසන්නු වගේ වැඩ කරාවි.තමන්ගේ අම්මව අදුවගන්න බැරි වේවි.නිකන් ජීවිත විනාස කරගනීවි.ඒම වෙන්න වැඩ සලස්සවල සතු‍ටු වෙන්න ඔයාලට පුලුවන් වේවිද? ඔයාලම හිතල බලන්න.ඒ නිසා ඔයාලට කතා පලකරන්න ඔනිනම් පලකරන්න.ඒත් සමාජයට ඒ වගේම මිනිස් ජීවිත වලට වගේම තමන්ගේ පවුලේ අය ගැන වගේ අසම්මත කතා පලකරන්නේ නැතිව.මොකද ඒ වගේ දෙවල් වලින් අයහපතක් වෙන්නේ මිනිස්සුන්ටමයි

ඒ වගේම ඔයාලත් පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඔන.තමන්ගේ වටපිටාව ගැන ලොකු අවදානයකින් ඉන්න ඔනි.මොකද මේ වගේ හිතන මිනිස්සු තමන් අතරත් ඉන්න පුලුවන්.ඒ නිසා තමන්ගේ ආරක්ශාව තමන්ම ‍රැකගන්න උත්සහා කරන්න කියලත් කියන ගමන් මේ කතාව කියවපු ඔයාලගෙන් තව දෙයක් ඉල්ලනවා.ඒ තම්යි ඔයාලා දන්න කියන අයටත් මේ විස්තරේ කියලා මේ වගේ වෙන්න තියෙන අවාසනාවන්ත සිදුවීම් එකක් හරි අඩු කරන්න අපිත් එක්ක එකතුවෙලා මේ පනිවිඩය අනිත් අයටත් බලන්න Share කරන එක.ඒ තුලින් තවත් එක ජීවිතයක් හරි බෙරගන්න පුලුවන් වෙවි කියලා කපුටා හිතනවා..

කතාවේ ඇති නම් ගම් සියල්ල මනක්කල්පිත බව කරුනාවෙන් සලකන්න..

අවවාදයයි - මෙම ලිපිය Kaputa 18+ විසින් නිර්මාණය කල අතර එහි සියලු අයිතිය Kaputa 18+ සතු වන අතර අපගේ අවසරයකින් තොරව කිසියම් Page 1ක Bog/website 1ක හෝ වෙනත් ඔනෑම ස්ථානයක පලකිරීම හෝ කිසිම ආකරයකින් උපුටා ගැනීම කතෘ අයිතිය උල්ලංගනය කිරීමක් ලෙසද සලකනු ලබයි.එම නිසා උපුටා ගැනීමට අවශ්ය නම් අපගේ පි‍ටුව තුලින් අපට mzg 1ක් එවීම තුලින් අවසරය ලබාගත හැක

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
  Like us on facebook
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

No comments:

Post a Comment